Archives: අගෝස්තු 2018

අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ සැලකිල්ල

මාගේ මුණුපුරෝ තනිව ඇඳුම් ඇඳ ගැනීමට කැමතිය. සමහර විට ඔව්හු කමිස කණපිට අඳිති. බොහෝ විට පොඩි මුණුපුරා තම සපත්තු වැරදි කකුළට දමා ගනිති. ඔවුන්ගේ වැරදි පෙන්වීමට මට සිත නොදේ. ඊටත් වඩා ඔවුන්ගේ අහිංසකකම මට ජ්වලිතයක් දෙන්නේය.

ඔවුන්ගේ දෑස්වලින් ලෝකය දෙස බැලීමට මම ආශා කරන්නෙමි. ඔවුන්ට සැම දෙයක්ම අලුත් විනෝදයකි. වැටුණු ගසක එහා මෙහා ඇවිදීම හිරු රශ්මියේ තපින ඉබ්බෙකු දෙස ඕනැකමින්…

අපගේ නිවස අපට පෙන්වන යාච්ඤාව

මා කුඩා පිරිමි ළමයෙකු කාලයේ ඉගෙන ගත් එක් යාච්ඤාවක් නම් "ස්වාමිනී, දැන් නින්දට යාමට මම වැතිරෙමි. ස්වාමිනි මාගේ ආත්මය ආරක්ෂා කරන්නැයි ඔබවහන්සේට කියමි" යන්නයි. එම යාච්ඤාව මම ඉගෙන ගත්තේ මාගේ දෙමව්පියන්ගෙනි. මාගේ පුත්‍රයා සහ දියණිය කුඩා කාලයේ මම ඔවුන්ටද එය ඉගැන්වීමි. දරුවෙක් ලෙසට නිදා ගැනීමට පෙර එම වචන කියා දෙවියන්වහන්සේගේ හස්තයට භාරවීම මට විශාල සහනයක් ගෙන දුන්නේය.

බයිබලයේ යාච්ඤා පොත…

සම්පූර්ණ වෙමින් පවතීද නැත්නම් සම්පූර්ණද

යම් කාර්යයක් අවසන් කිරීමෙන් අපට තෘප්තියක් ලැබේ. උදාහරණයක් ලෙස මාගේ වගකීම් එක තත්ත්වයක සිට තවත් තත්ත්වයකට මාරුවේ. ඒ "සම්පූර්ණ වෙමින් ඇත" සිට "සම්පූර්ණයි" යන ලෙසය. "සම්පූර්ණයි" යන බොත්තම එබීමට මම ඉතා ආශා කරමි. පසුගිය මාසයේ එය ඔබන විට මම කල්පනා කළේ අදහිල්ලේ අසීරු තැන්ද එසේ කළ හැකි නම් කියාය. කිතුණු ජීවිතය සෑම විටම "සම්පූර්ණ වෙමින් තිබේ" යයි අපට පෙනේ. කිසි…

විශ්මිත මැවුම්කරුවාණෝ

නවක ඡායාරූප ශිල්පියෙකු ලෙස මාගේ කැමරාවෙන් දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඡායාවන් ග‍්‍රහණය කිරීමට මම කැමති වූයෙමි. සෑම සුමුදු මල් පෙත්තකද සූර්යයා නැගීමේ සහ බැසීමේ විශ්මයජනක බවද පින්තාරු කර ඇති අහස් තලයෙහිද මම උන්වහන්සේගේ අඟිලි සළකුණු දකිමි.

මාගේ කැමරාවේ විශාල කර පෙන්වීමේ හැකියාව නිසා ස්වාමින් මැවූ සත්වයන්ගේ ඡායාරූප ගැනීමට පවා මට හැකිවේ. හඬ නගන ලේනුන්ද චෙරිමල් ගස්ද මලින් මලට පියාඹා යන සමනලුන්ද මුහුදේ…

ආකාශ උද්‍යානය

ලංඩනයේ සිටින කාලයක මාගේ මිතුරෙකු මටත් මාගේ භාර්යාව වන මාර්ලීන්ටත් ආකාශ උද්‍යානය නැරඹීමට යාමට අවස්ථාවක් සළසා දුන්නේය. ලංඩන් ව්‍යාපාරික ප‍්‍රදේශයේ තට්ටු 35 ක ගොඩනැගිල්ලක් මුදුනේ ආකාශ උද්‍යානය පිහිටා තිබේ. එය වීදුරුවලින් වට කර ඇති වේදිකාවකි. එහි ගස් වර්ග පැල වර්ග සහ මල් පිරී පවති. නමුත් අපගේ සිත් ගත්තේ ආකාශයයි. අපි අඩි 500 කට වඩා උසක සිට පහත බැලිමු. ශාන්ත පාවුල්…